දුනිත් වෙල්ලාලගේගේ පියා: ‘ව්‍යාපාරය වෙන කෙනෙකුට භාර දීලා දුනිත්ගේ ක්‍රිකට් වෙනුවෙන් ම කැප වෙලා හිටියා’

    • කුමුදු ජයවර්ධන
    • Role,බීබීසී සිංහල

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ Super Four වටයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීම ලාංකික ක්‍රීඩා ලෝලීන්ගේ සතුටට හේතු වුව ද, ලොව පුරා ක්‍රීඩා ලෝලීන්ට දුක්ඛදායක පුවතක් ද සැප්තැම්බර් 18 දා වාර්තා විය.

ඒ, දුනිත් වෙල්ලාලගේගේ පියා වූ සුරංග වෙල්ලාලගේ හෘදයාබාධයකින් මිය යාමේ පුවත යි.

ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගය පැවැත්වෙමින් තිබියදී සුරංග වෙල්ලාලගේ අභාවප්‍රාප්ත වූ බව සමීපතමයෝ පවසති.

මරණ පරීක්ෂණයේදී අනාවරණය වූ කරුණු

ඊයේ (18) රාත්‍රියේ පැවති ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර ක්‍රිකට් තරගය රූපවාහිනිය ඔස්සේ නරඹමින් සිටියදී වතුර වීදුරුවක් පානය කිරීමට නැගිට යාමේදී හදිසියේ පපුව අල්ලාගෙන දන ගසාගෙන බිම වාඩි වී තිබූ බවත්, ඉන්පසු ඔහුගේ බිරිඳ හර්ෂණී වෙල්ලාලගේ විසින් පානදුර මූලික රෝහලට රැගෙන එනු ලැබූ බවත් රෝහල් ප්‍රකාශකයෙකු අපගේ ප්‍රාදේශීය වාර්තාකරුට පවසා තිබිණි.

ඔහු ප්‍රකාශ කළේ, පානදුර රෝහලට ඇතුළත් කරන විටත් සුරංග වෙල්ලාලගේ මියගොස් සිට ඇති බව ය.

දීර්ඝ කාලීන රෝගී තත්ත්වයකින් පෙළුණු සුරංග වෙල්ලාලගේ මරණයට පත්ව ඇත්තේ, හදිසි හෘදයාබාධයක් හේතුවෙන් බව මොරටුව හදිසි මරණ පරීක්ෂක කවිඳු පීරිස් පැවසීය.

පානදුර මූලික රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය මුදිත කුඩාගම විසින් සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඒ බව දන්වා ඇතැයි මොරටුව හදිසි මරණ පරීක්ෂකවරයා පැවසීය.

ඔහු දීර්ඝ කාලීනව අධික රුධිර පීඩන රෝගී තත්ත්වය මත ප්‍රතිකාර ලබාගෙන ඇති බවත්, ක්‍රිකට් තරගය නරඹමින් සිටීම මරණයට හේතු වූ බවට පවුලේ සාක්ෂිවලින් අනාවරණය නොවන බවත් ඔහු පැවසීය.

වැඩි විස්තර කියවීම සදහා මෙම ලින්කුව මත ක්ලික් කරන්න.

https://www.bbc.com/sinhala/articles/cx20pqzwwr9o 

උපුටා ගැනීම – බීබීසී සිංහල

END/BBC/MMP/20092025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *