යුද හමුදාවෙන් බහුවිධ වෛද්‍ය සායනයක්
යුද හමුදා සාමාජිකයන්ගේ යහපැවැත්ම සහතික කරමින් පවත්වනු ලබන බහුවිධ වෛද්‍ය සායනයන්හි 7වන අදියර ඊයේ (19) අම්පාර කොන්ඩුවටුවාන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සටන් පුහුණු පාසලේ දී පැවැත්වුුුණූ බව යුධ හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙදින සායනය සඳහා අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කයන්හි පදිංචි විවිධ හේතුන්මත රණක්‍ෂිතයටපත් රණවිරුවන් හා විශ්‍රාමික මෙන්ම ක්‍රියාන්විත හේතූන් මත මියගිය රණවිරුවන්ගේ ළගම ඥාතීන් ඇතුලුව 1250කට අධික පිරිසක් සහභාගී වී ඇති අතර, මෙහිදී රණක්ෂිත රණවිරුවන්හට රෝද පුටු, අත්වාරු, ඇස් කණ්නාඩි හා ශල්‍ය වෛද්‍ය උපකරණ ද පරිත්‍යාග කිරීම සිදු විය.
රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධික්‍ෂණය යටතේ මෙම වෛද්‍ය කඳවුර සංවිධානය කර ඇති අතර යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.
මෙම වෛද්‍ය කඳවුර හරහා වෛද්‍ය ගැටළු හදුනා ගනිමින් හා ඒවාට විසඳුම් ලබාදීම, වෘත්තීය සෞඛ්‍ය උපදේශනය, මානසික සෞඛ්‍ය උපදේශන සේවාව, දන්ත වෛද්‍ය සේවාව, ජංගම වෛද්‍ය රසායානාගාර සේවය, කෘතිම අත් පා සහ ශල්‍ය උපකරණ ලබාදීම සඳහා පරීක්‍ෂණ මෙන්ම ජංගම අක්ෂි සායන, භෞත චිකිත්සක සායන, ඇතුළු තවත් සේවා ලබාදීමට කටයුතු කර තිබේ.
එමෙන්ම මීට සමගාමීව ආරක්ෂක අමාත්‍යාංශය, රණවිරු සේවා අධිකාරිය හා යුද්ධ හමුදා අධ්‍යක්ෂ මණ්ඩල නියෝජනය කරමින් පැමිණි නියෝජිතයින් රණවිරුවන් හා ළඟම ඥාතීන් මුහුණපා ඇති ඉඩම්, නිවාස, වැටුප් හා අනෙකුත් පරිපාලන ගැටලු සඳහා අවැසි උපදෙස් හා මගපෙන්වීම් ලබාදීමට ද කටයුතු කර ඇත.
