සිසු හෙද පුහුණුවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය හෙට – හිරුණි ලක්ෂිකා

කොළඹකළුතරගම්පහ හා කෑගල්ල දිස්ත්‍රික්ක 2025 සිසු හෙද පුහුණුවට බඳවා ගැනීමේ  සම්මුඛ පරීක්ෂණ හෙට (20) හා අනින්දා (21) දිනවල පැවැත්වෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.

මහනුවරමාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්කවලට අදාළ සම්මුඛ පරීක්ෂණ ඉහත සඳහන් දිනයන්වලම මහනුවර හෙද විදුහලේදී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ද එම අමාත්‍යාංශය සඳහන් කරනවා.

මෙම සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණිය යුතු වන්නේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිල වශයෙන් පෙර දැනුම්දීම් සිදුකළ පුද්ගලයින් පමණක් වන බවද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *