‘සොබාධනවි’ LNG විදුලි බලාගාරය ජාතික විදුලිබල පද්ධතියට

වත්තල, කෙරවලපිටියේ “සොබාධනවි” ස්වභාවික ද්‍රවීකෘත වායු (LNG) බලාගාරය අද (17) ජාතික විදුලිබල පද්ධතියට එක් කරන ලදී.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේදි එය සිදුකර තිබේ.

ලක්දනව් සමාගම විසින් සැලසුම් කරන ලද “සොබාධනවි” බලාගාරය මගින් මෙගාවොට් 350ක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ.

මෙම බලාගාරයේ සියලුම සැලසුම් හා ඉදිකිරීම් ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් විසින් සිදුකිරීම විශේෂත්වයකි.

END/MMP/17092025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *