2025 දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 4.9% කින් වර්ධනයක්!
2025 දෙවන කාර්තුව සඳහා දළ දේශීය නිෂ්පාදිත වර්ධන වේගය ධනාත්මක වර්ධන අනුපාතයෙන් සියයට 4.9 ක් ලෙස වාර්තා වී ඇති බව මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
2025 දෙවන කාර්තුව සඳහා (අප්‍රේල් 1 සිට ජූනි 30 දක්වා) නිෂ්පාදන ප්රවේශයේ සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශකවල ඇස්තමේන්තුගත දළ දේශීය නිෂ්පාදිතය (GDP) වත්මන් මිල සහ ස්ථාවර (2015) මිල යටතේ නිකුත් කර ඇත.
2025 දෙවන කාර්තුව සඳහා ස්ථාවර මිල (2015) සඳහා දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 2,883,559 දක්වා ඉහළ ගොස් තිබේ. 2024 දෙවන කාර්තුවේදී වාර්තා වූ රුපියල් මිලියන 2,749,504 කි.
2025 දෙවන කාර්තුවේදී කෘෂිකාර්මික කටයුතු, කාර්මික කටයුතු සහ සේවා කටයුතු සියල්ලම පිළිවෙලින් සියයට 2.0, සියයට 5.8 සහ සියයට 3.9 ක වැඩිවීමක් වාර්තා කළේය.
