මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම ඉදිකිරීම් අද (17) ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත අන්තර් හුවමාරුවේ සිට මීරිගම දක්වා වැඩ නැවතී ඇති කොටසෙහි ඉදිකිරීම් කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) පෙරවරුවේ ආරම්භ කෙරේ.
ආරම්භය සහ කිලෝමීටර් 37ක දුරින් යුත් පළමු අදියරෙහි වැඩ කටයුතු මෙසේ නැවත ආරම්භ වන අතර මේ ව්‍යාපෘතිය සඳහා මහා භාණ්ඩාගාරයෙන් සහ චීනයේ එක්සිම් බැංකුවෙහි සහන ණය යටතේ රුපියල් බිලියන 229ක පමණ මුදලක් වැය කෙරේ. මෙහි ඉදිකිරීම් කටයුතු 2028 සැප්තැම්බර් මාසයේ දී අවසන් කිරීමට සැලසුම් කොට ඇත.
