හලාවත මාදම්පේ උණුසුම් කල ස්ථාන මාරුව , හලාවත රදගුරු නියෝජිත පැය තුනක් රදවා ගනී .. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරිය පාසැල තුලට දමා ඉබ්බෝ දමයි .. දෙමාපියන් සමග දරුවන් මහ පාරට ..

 

හලාවත මාදම්පේ සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ විදුහල්පතිවරයා ස්ථාන මාරු කර ඇති බව කියමින් අද 16 දහවල් දෙමාපියන් පිරිසක් විරෝධතාවයක නිරත විණි .
මෙහිදී දෙමාපියන් කියා සිටියේ මේ විදලය වැටී තිබු තැනින් ඔසවා තැබුවේ මේ විදුහල්පතිවරයා බවයි .එසේ තිබියදී දේශපාලන හා ආගමික බලපෑමකින් මේ විදුහල්පතිවරයා
මාරු කර යැවීමට කටයුතු කර ඇති බව විරෝද්තාකරුවන් පැවසුහ .
මෙහිදී දෙමාපියන් විද්‍යාලයේ එකම ගේට්ටුවට ඉබි යතුරු දමා වසා දැමීම නිසා විද්‍යාලයට පැමිණි කිසිවෙකුට විද්‍යාලයෙන් පිටතට යාමට නොහැකි විණි .

මේ හේතුවෙන් හලාවත රදගුරු හිමිපාණන් නියෝජනය කරමින් පැමිණි පියතුමෙකුටත් පිටව යාමට පැය තුනකට වැඩි කාලයක් රැදී සිටීමට සිදු විය .

අවස්ථා දෙකකදී විධයාලයේ දරු දැරියන්ද දෙමාපියනට සහය දක්වමින් විරෝධතාවයේ නිරත විණි . 06 වසර් සිට ඉහල ළමුන් දෙමාපියනට සහය දෙමින් පස්වරු
01.30 න් පසුත් විද්‍යාල භුමියේ රැදී සිටියහ.

මේ සදහා විසදුමක් ලබා දීමට පැමිණි හලාවත කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරිය ද විද්‍යාල භූමියට පැමිණ පසු ප්‍රධාන ගේට්ටුවට ඉබි යතුරු දමා වසා දැමීමට
දෙමාපියන් ක්‍රියා කරන ලදී .

හලාවත කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරිය මෙහිදී කියා සිටියේ මේ විද්‍යාලයේ විදුහල්පතිවරයා මාරු කර යැවීමට තමන් කටයුතු නොකළ බවයි .
හලාවත ආගමික නායකයෙකුගේ අවශ්‍යතාවය අනුව වෙනත් විද්‍යාලයක ගැටලුවක් විසදීම සදහා මේ විද්‍යාලයේ විදුහල්පතිවරයාට දැනට ලබා දී ඇති ස්ථාන
මාරුව තාවකාලිකව නතර කිරීමට පියවර ගන්නා බව ද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරිය දෙමාපියනට පොරොන්දු වී තිබේ .

මේ විරෝධ්ත්ය්වය අද 16 පෙරවරු 10 .30 ට ආරම්භ වූ අතර පස්වරු 02.30 ට අවසන් විණි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *