සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ වගා හානි වූ ගොවීන් සඳහා වන්දි මුදලක් ලබා දීමට කැබිනට් අනුමැතිය
සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ උක් වගාවන් ගිනි තැබීම හේතුවෙන් වගා හානි සිදු වූ උක් ගොවීන් සඳහා වන්දි මුදල් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව කැබිනට් ප්‍රකාශක ,සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ , අද (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමිනි.
සීමාසහිත ලංකා සීනි (පුද්ගලික ) සමාගමට අයත් සෙවනගල සීනි කර්මාන්තශාලාවේ උක් වගාවන්ට කිසියසම් පිරිසක් වීසින් 2025 අගෝස්තු 16,20,21,2,24 සහ සැප්තැම්බර් මස 04,05 යන දිනයන්හිදී ගිනි තැබීම සිදු කර ඇති බවට වාර්තා තිබු බව අමාත්‍යවරයා පැවසීය.
ගිනි තැබීමෙන් නිෂිචිත උක් ප්‍රමාණයන් හා වගා හානි වූ උක් ගොවින් පිළිබඳව තොරතුරු ලබා ගැනීමට උක් පර්යේෂණ ආයතනය සහ සීමාසහිත ලංකා සීනි (පුද්ගලික ) සමාගමේ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා සහ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමා එක්ව ගෙනා ඒකාබද්ධ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.
උක් වගාව ගිනි ගැනීමෙන් වගා හානි වු ගොවීන් දැඩි අපහසුතාවයට පත්ව ඇත. ඒ අනුව ඔවුනට වන්දි මුදලක් ලබා දීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කරමින් විනාශ වූ උක් මෙට්ට්‍රික්ටොන් එකක් සඳහා රුපියල් 7000/- ක මුදලක් බැගින් වන්දි මුදලක් එම ගොවීන්ට ලබා දීමට කැනට් අනුමැතිය හිමි විය.
එහිදි ගොවීන් 235 දෙනෙකුට පමණ අයත් උක් මෙටිට්‍රික් ටොන් 19,000ක් පමණ හානියට පත් වී ඇති බවට ඇස්තමේන්තු කර ඇත.
