වෑන් රියක් දකුණු අධිවේගයේ ලොරියක ගැටී තරුණියක් මරුට – සුමිත් රණවක

කුඩා දරුවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයන් අට දෙනකු ගමන් ගත් වෑන් රථයක්  අද (16)දිනට එළිවන මධ්‍යම රාත්‍රියේදී දක්ෂිණ අධිවේගී මාර්ගයේදී ලොරියක ගැටීමෙන් තරුණියක මියගොස් හත් දෙනෙකුත් තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලිසිය පවසනවා.

මියගොස් ඇත්තේ  තවලම ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියක්.

ඊශ්‍රායල් රටේ රැකියාව කළ පුද්ගලයෙකු අද දින මෙරට පැමිණීම නිමිත්තෙන් ඔහුව රැගෙන ඒම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත තවලම සිට යමින් සිටි පිරිස රැගත් වෑන් රථය මෙලෙස අනතුරට ලක්ව තිබුණා.

කිලෝ මිටර් 09 දශම 6 මොරගහහේන වීදියගොඩ  ප්‍රදේශයේදී සුපිරි වෙළඳසල්වලට භාණ්ඩ බෙදා යළි කොළඹ බලා ඉදිරියෙන් ධාවනය වූ අධිශීතකරණ( (ඩීෆ්‍රීසර්) ලොරියක පිටුපස ගැටීමෙන් මෙම අනතුර වී තිබූ බව පොලිසිය කියාසිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *