පුනරුදයේ පුරවර’ මැදරට පළාත් පාලන සතිය හාරිස්පත්තුවෙන් ඇරඹේ…. මොහොමඩ් ආසික් 

‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ රාජ්‍ය ප්‍රතිපත්තියට අනුව මහජනතාවගේ දෛනික අවශ්‍යතා සපි-රෙන සහ ජීවත්වන වටපිටාව සුරක්ෂිත කෙරෙන පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණෙන් ක්‍රියාත්මකිපුනරුදයේ පුරවර’ පළාත් පාලන සතියට සමගාමී මධ්‍යම පළාත් සමාරම්භ උත්සවය අද (15) ආරම්භ කෙරිණි.
මෙම සමාරම්භක උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්, මහනුවර දිස්ත්‍රික්කයේ හරිස්පත්තුව ප්‍රාදේශීය සභාව කේන්ද්‍ර කරගනිමින් එම ප්‍රාදේශීය සභාවට අයත් මැදවල, මහජන පුස්තකාල බහුකාර්ය ගොඩනැගිල්ලේදී පැවැත්විණි.
‘පුනරුදයේ පුරවර’ පළාත් පාලන සතිය  සැප්තැම්බර් 15 වන දින සිට 21 දින දක්වා පැවැත්වෙන අතර මෙම සතිය තුළ ජංගම සේවාව, පාරිසරික හා රුක් රෝපණ,  සෞඛ්‍ය හා සනීපාරක්ෂක,  ආදායම් ප්‍රවර්ධන, සාහිත්‍ය, අධ්‍යාපන හා පුස්තකාල,ඉමහජන උපයෝගිතා හා ක්‍රීඩා යනාදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීම සිදු කෙරේ. මෙම වැඩසටහන මධ්‍යම පළාතේ සියළුම පළාත් පාලන ආයතන තුළ ක්‍රියාත්මක කෙරේ.
හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ සභාපති ඉදුනිල් කරුණාරත්න මහතාගේ මෙහෙයවීමෙන් එම ප්‍රාදේශිය සභාව විසින් මෙම වැඩසටහන සංවිධනය කර තිබිණි.‍ එහිදි  සමාරම්භක අවස්ථාවට සමගාමීව ප්‍රදේශයේ ජනතාව ඉලක්ක කරගනිමින් ජංගම සේවා හා සෞඛ්‍ය, අක්ෂි සායනයක් ඇතුළු  වැඩසටහන් රැසක් සමාරම්භක දින ක්‍රියාත්මක කෙරිණි.
මෙම අවස්ථාව සඳහා හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ මහජන නියෝජිතයින්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ,  ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මධුපානි පියසේන, මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු, හාරිස්පත්තුව ප්‍රාද්ශීය ලේකම් මෙහාන් ධර්මදාස, සහකාර පළාත් පාලන කොමසාරිස් (මහනුවර) ලක්මාලි අත්තනායක, හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ ලේකම් එස්.ආර්. අතාවුද යන මහත්ම මහත්මීන්, ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ ප්‍රදේශවාසින් පිරිසක් සහභාගී වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed