හිස අත් පා නොමැති මළ සිරුරක් මාරවිල මුහුදු වෙරළට- අමායා හේෂානි හලාවත
මාරවිල මුදුකටුව වෙරළේ තිබී හමුවූ හිස ,අත් හා කකුල් දෙක නොමැති සිරුර හදුනා ගැනීම සදහා මාරවිල පොලිසිය මහජනතාවගේ සහය පතයි .
ඊයේ 13 පස්වරුවේ මේ මල සිරුර ගොඩ ගැසූ අතර මෙය පිරිමියෙකුගේ බවට හදුනා ගන්නා ලදී . නිල් පැහැති කොට කලිසමක් මේ සිරුරේ
දක්නට ලැබිණි .
පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු ඇමතුමක් මත මාරවිල පොලිසියේ නිලධාරීන් පැමිණ මුලික පරීක්ෂණ සිදු කැරිණි .
අනතුරුව මාරවිල පොලිසිය මාරවිල මහේස්ත්රාත් අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව ඊයේ 13 රාත්රියේ මුලික මහේස්ත්රාත් පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව
වැඩිදුර පරීක්ෂණ සදහා මේ සිරුර මාරවිල මුලික රෝහලට රැගෙන යන ලදී .
