ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය අවසන් අදියරේ – හිරුණි ලක්ෂිකා

ඡන්ද හිමි නාමලේඛනය ප්‍රතිශෝධනය කිරීමේ කටයුතු මේ වන විට එහි අවසන් අදියරේ පවතින බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

ඒ පිළිබඳව පවතින හිමිකම් සහ විරෝධතා දිස්ත්‍රික් මට්ටමින් ඉදිරිපත් කළ අයට ඊට අදාළ පරීක්ෂණ කටයුතු එම දිස්ත්‍රික්ක භාර සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් විසින් මේ දිනවල සිදුකරමින් සිටින බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළා.

එම කටයුතු අවසන් වූ වහාම 2025 වසරට අදාළ ප්‍රධාන ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීමට කටයුතු කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *