මහජන සේවාවන් සඳහා පොලිසිය නව ගාස්තු හඳුන්වාදෙයි – හිරුණි ලක්ෂිකා
ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවට සපයනු ලබන සේවාවන් සඳහා සංශෝධිත ගාස්තු ව්‍යුහයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව විදේශ සංචාර සහ ඒ ආශ්‍රිත තත්‍ය කාලීන සේවාවන් සඳහා පොලිස් නිෂ්කාශන වාර්තාවක් ලබා ගැනීම සඳහා දැන් රු. 5,000 ක් වැය වෙනවා.
එමෙන්ම, විකාශන බලපත්‍ර සඳහා ගාස්තු කාලය මත රඳා පවතින අතර, එය පැය 6ක් දක්වා රු. 500ක්, පැය 6 සිට 12 දක්වා රු. 1,000ක් සහ පැය 12කට වැඩි කාලයක් රු. 2,000ක් ලෙසයි සඳහන් වන්නේ.
මැදපෙරදිග රටවල් සඳහා කොට්ඨාශ පොලිස් ස්ථාන මගින් නිකුත් කරන පොලිස් වාර්තා සඳහා රු. 500ක් අය කෙරෙන අතර, ගෘහස්ත කටයුතු සඳහා ස්ථානාධිපතිවරයා විසින් නිකුත් කරන වාර්තා සඳහා රු. 300ක් අය කෙරෙනවා.
පැමිණිලි පිටපතක් ලබා ගැනීමේ දී එක් පිටපතක් රු. 50 බැගින් ලබා ගත හැකියි.
