වැටුප් විෂමතාව ඇතුළු විශ්‍රාමිකයන්ගේ ගැටලුවලට කඩිනම් විසදුම්

විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතාව ඇතුළුව පැනනැගී ඇති සියලු ගැටලු විසඳීම සඳහා යම් කාල රාමුවක් අවශ්‍ය බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.

එහෙත්, මෙම ගැටළු විසඳීමට අවශ්‍ය යම් යම් පියවර මේ වනවිටත් ගෙන ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

විශ්‍රාමිකයන්ගේ වෘත්තීය සමිති නියෝජිතයන්, මහාභාණ්ඩාගාරය, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් සමග මේ මස 10 වෙනි දා පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහින්ද ජයසිංහ මහතා මේ බව පැවසීය.

END/MMP/12092025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *