දුම්රිය පීලි පැනීමක් – හිරුණි ලක්ෂිකා
පෙ.ව.08/50 ට බදුල්ල සිට මහනුවර සහ කොළඹ කොටුව දක්වා ධාවනය වන අංක 1006 දරණ පොඩි මැණිකේ සීඝ්රගාමී දුම්රිය පීලි පැනීමකට ලක්ව ඇත.
පෙරවරු 09.10 ට පමණ බදුල්ල සහ හාළිඇල දුම්රිය ස්ථානයන් අතරදී මෙම පීලි පැනීම සිදුව ඇති බව සඳහන් වේ.
මේ හේතුවෙන් එම දුම්රිය ප්රමාද වී ධාවනය වන බව දැනුම් දී ඇත.
එමෙන්ම එම ස්ථානය පසු කිරීමට නියමිත දුම්රියන් ද ප්රමාදයන් සහිතව ධාවනය විය හැක.
