පැයක වැස්සකින් මහයියාවේ මාර්ග ජලයෙන් යටවෙයි – මොහොමඩ් ආසික්
මහනුවර නගරය සහ අවට ප්රදේශවලට අද 09 වනදා සවස පැයක පමණ කාලයක් ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් මහනුවර මාතලේ මාර්ගයේ මහයියාව ප්රදේශයේ කාණු පිටාර ගැලීම නිසා ප්රධාන මාර්ගය ජලයෙන් යටව තිබූ අයුරු මෙහි දැක්වෙයි.
මෙම මාර්ගයේ වාහන අලෙවි සැල් විශාල ප්රමාණයක් පවතින අතර එම වාහන අලෙවි සැල් ඇතුළු ව්යාපාරික ආයතනවලටද ජලය ගලා ගොස් තිබූ අයුරු දක්නට ලැබිණ.
