සංස්කෘතික කටයුතු ඇමති රන්මිනිතැන්න නරඹයි – මොහොමඩ්  ආසික්

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඇතුළු පිරිසක් හම්බන්තොට රන්මිහිතැන්න ටෙලි සිනමා උද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවකට පසුගිය දා එක්වූහ.
රන්මිහිතැන්න ටෙලි සිනමා උද්‍යානය ලාභදායී ආයතනයක් බවට පත් කොට ටෙලි සිනමා ක්ෂේත්‍රවල නිරත කලාකරුවන්ට සුවිශේෂ මෙහෙවරක් ඉටු කළ හැකි මට්ටමට ගෙන ඒමට ගත යුතු පියවර සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම මෙම නිරීක්ෂණ චාරිකාවේ අරමුණ විය.
ටෙලි සිනමා උද්‍යානය විධිමත් ව සංවර්ධනය කිරීම සඳහා වූ යෝජනා කිහිපයක් එහි දී සාකච්ඡාවට ලක් කෙරුණු අතර, ගොඩනැගිලි හා පසුතල නිර්මාණ කටයුතු වැඩි දියුණු කිරීම, ක්‍රමෝපායික ප්‍රවර්ධන සැලැස්මක් ඔස්සේ ටෙලි සිනමා උද්‍යානය ප්‍රචලිත කිරීම හා දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය සහිත ස්ථානයක් බවට පත්කර ගැනීම ඇතුළු කරණා එහි දී අමාත්‍යවරයාගේ දැඩි අවධානයට ලක් විය.
හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුල වෙළඳගොඩ, රන්මිහිතැන්න ටෙලි සිනමා උද්‍යානයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ (ජාතික උරුම අංශය) සැලසුම් අධ්‍යක්ෂ සුජීව හේමන්ත සහ අමාත්‍යවරයාගේ මහජන සම්බන්ධතා නිලධාරී රුවන් ප්‍රේමවීර යන මහත්වරු ඇතුළු පිරිසක් මේ සඳහා එක් ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *