තීරණාත්මක සටනේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට – හිරුණි ලක්ෂිකා
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර අද (7) පැවැත්වෙන තෙවන හා අවසන් විස්සයි20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සමත් විය.
ඒ අනුව ඔහු පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
මෙතෙක් පැවති තරග දෙක එක් තරගය බැගින් කණ්ඩායම් දෙක ජයගෙන ඇති බැවින් මෙම තරගයෙන් ජයගන්නා කණ්ඩායමට ශූරතාව දිනාගැනීමට හැකිවේ.
මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් 2ක් සිදුව තිබේ.
ඒ අනුව කුසල් ජනිත් හා මතීෂ පතිරණ කැඳවා ඇති අතර, නුවනිඳු ප්‍රනාන්දු හා මහීෂ් තීක්ෂණ ඒ හේතුවෙන් විවේක ගන්වා ඇත.
අද තරගයද පෙර තරග ද්විත්වය පැවැත් වූ හරාරේ ක්‍රීඩාංගණයේ දීම පැවැත්වේ.
