මල්වෙඩිල්ලක් පත්තු වී පුද්ගලයෙකු මරුට – හිරුණි ලක්ෂිකා

ත්‍රිකුණාමලය, තඹගලගමුව ප්‍රදේශයේ කෝවිලක ඊයේ (06) රාත්‍රියේ පැවති වාර්ෂික උත්සවයක දී මල්වෙඩිල්ලක් පත්තු වී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අදාළ උත්සවයේ පෙරහැර පැවැත්වෙමින් තිබියදී මල්වෙඩි සංදර්ශනයක් පවත්වා ඇති අතර, එහිදී එක් මල්වෙඩිල්ලක් පත්තු වී නොමැත.

ඒ හේතුවෙන් අසල සිටි පුද්ගලයෙක් එම මල්වෙඩිල්ලට පාදයෙන් ගසා තිබේ.

එය මෙම මියගිය පුද්ගලයාගේ ඇඟට විසි වී ඇති අතර, ඒ සමගම එය පුපුරාගොස් තිබේ.

එහිදී තුවාල ලැබූ ඔහු තඹලගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 45ක් වූ තිදරු පියෙකි.

මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කන්තලේ අධිකරණ වෛද්‍ය නිලධාරී විසින් සිදු කරනු ලැබීය.

සිදුවීම සම්බන්ධයෙන් තඹගලගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *