ආන්තරාදායක ලෙස අමතර කොටස් සවිකර ඇති රථවාහනවලට හෙට සිට නීතිය තදින්

ඝෝෂාකාරී විවිධ නාද රටා, අලංකරණ සදහා විවිධ විසිතුරු කොටස් සවිකර ධාවනය වන රථවාහන සහ නිවි නිවී දැල්වෙන විවිධ වර්ණ සහිත අමතර පහන් සවිකර ධාවනය කරන රථ වාහන  සම්බන්ධයෙන් හෙට සිට විශේෂ අවධානය යොමුකරන බවත් එවැනි රථවාහන පිළිබදව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කරන අතර, මෙම පියවර සම්බන්ධයෙන් මගී ජනතාවගේ ද අවධානය යොමුකරවන ලෙසට ඉල්ලා සිටියි.

” අපි බස් මගීන් විධියට මෙවැනි බස්රථ නිරීක්ෂණය කළොත් ඒ වෙලාවෙදී ම අදාළ අංශවලට පැමිණිළි කරන්න ඔීනේ. ඒක අපේ යුතුකමක් වෙනවා. ” , ” මම නම් හිතනවා, රජයෙනුත් දැන් මොනවා හෝ පියවරක් ගන්න නිසා, අපි මුදල් ගෙවලා ගමන්කරන බස්රථය, පනවා තිබෙන නීති රීති අනුගමනය කරන්නේ නැත්නම්, වහාම පොලීසියට පැමිණිළි කරන්න.” , ” ඉස්සෙල්ලා හොදින් කියලා බලනවා. පිළිගන්නේ නැත්නම් පැමිණිළි කරන්න ඔිනේ. මොකද බස්රථවල ගමන් කරන්නේ මිනිස්සු මිසක්, භාණ්ඩ නෙවෙයි නේ. ”  යනුවෙන් මේ පිළිබදව අදහස් විමසූ අවස්ථාව‌ෙිදී පුරවැසියන් කිහිප දෙනෙකුම එසේ පැවසීය.

ඇල්ල-වැල්ලවාය මාර්ගයේ 24 වන සැතපුම් කණුව අසල පසුගිය බ්‍රහස්පතින්දා (04) රාත්‍රියේ සිදු වූ ඛේදජනක අනතුරකින් පසුව මෙම නිවේදනය නිකුත් කරන ලදී. එහිදී සුඛෝපභෝගී ජීප් රථයක් බස් රථයක් පසුපසට හැප්පීමෙන් ලෝහ ආරක්ෂිත බාධකයක් බිඳ දමා අඩි 1,000 ක් පමණ ප්‍රපාතයකට ඇද වැටුණි.

END/MMP/07092025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *