පූර්ණ චන්ද්‍රග්‍රහණයක් පියවි ඇසින් දැකීිමට අද විරල අවස්ථාවක් – හිරුණි ලක්ෂිකා

පූර්ණ චන්ද්‍රග්‍රහණයක් පියවි ඇසින් දැකගැනීමේ විරල අවස්ථාව ශ්‍රී ලංකා වාසීන්ට අද රාත්‍රියේ උදාවනවා.

රාත්‍රී 9.57 සිට හෙට අලුයම 1.26 දක්වා එම චන්ද්‍රග්‍රහණය සිදුවන අතර, එහි ග්‍රහණ මධ්‍යය හෙවත් නැරඹීමේ හොදම වෙලාව, රාත්‍රී 11.42 බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ අභ්‍යාවකාශ හා තාරකා විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න සදහන් කළේ.

සූර්යා හා චන්ද්‍රයා අතරට පෘතුවිය, සරල රේඛාවක පිහිටා සූර්යයාගේ ආලෝකයෙන් පෘතුවියේ සෙවනැල්ල චන්ද්‍රයා මත වැටීම මෙහිදී සිදුවනවා.

යළි මෙවැනි පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දිස්වන්නේ 2028 වසරේ දෙසැම්බර් 31 වනදා බවයි මහාචාර්ය චන්දන ජයරත්න වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *