කච්චතිව් දූපත සංචාරක ගමනාන්තයක් කිරීමට පල්ලිය එරෙහි වෙයි!
කච්චතිව් දූපත සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීමට රජය ගෙන ඇති පියවරට එරෙහිව රදගුරු පදවිය වෙනුවෙන් යාපනයේ රදගුරු ආචාර්ය ජස්ටින් බර්නාඩ් ඥානප්‍රගාසම් රදගුරු හිමිපාණන් සිය විරෝධය පළ කර ඇති බව වාර්තා වෙයි.
මෙම දූපත ශ්‍රී ලාංකික සහ ඉන්දියානු ධීවරයින් දෙපිරිසක්ම නිතර සංචාරය කරන පූජනීය ස්ථානයකි.
ශාන්ත අන්තෝනී මුනිවරයාට කැපකර ඇති එහි පිහිටි කුඩා දෙවිමැදුරේ වාර්ෂීක මංගල්‍යයට ඉන්දියාවෙන් සහ ලංකාවේ විශාල බැතිමතුන් පිරිසක් ඒකරාශී වීම වසර ගණනාවක සිට සිදූවූවකි. මෙහි තවත් එක් විශේෂත්වයක් නම්, කිතුනු නොවන බැතිමතුන් ද වාර්ෂීක මංගල්‍යයට සහභාගි විමයි.
එවැනි පසුබිමක දී කච්චතිව් දූපත තුළ සංචාරක ව්‍යාපාරය දියත් කිරීමට උත්සාහා කිරීම ආගමට අපහාසයක් වනු ඇතැයි යනුවෙන් රදගුරු හිමිපාණන්වි යාපනයේ මාධ්‍ය වෙත පවසා ඇත.
END/MMP/05092025
