ඉන්දියන් සාගරයෙන් හමුවු පැරණිතම යාත්‍රාවේ පර්යේෂණ තොරතුරු මහජන ප්‍රදර්ශණයට තබයි – මොහොමඩ් ආසික්
ඉන්දියානු සාගරයෙන් හමු වූ පැරණිතම මුහුදුබත් යාත්‍රාවේ සමුද්‍ර පුරාවිද්‍යා පර්යේෂණ තොරතුරු සහ පුරාවස්තු ප්‍රථම වරට මහජන ප්‍රදර්ශනයට තැබීම ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ජූලි චං (Julie Chung) මහත්මියගේ සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අද (03) පෙරවරුවේ ආරම්භ කෙරිණි.
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සමුද්‍රීය පුරාවිද්‍යා ඒකකය විසින් සංවිධාන කර ඇති මෙම ප්‍රදර්ශනය සැප්තැම්බර් 05 දින තෙක් පෙ.ව. 10.00 සිට ප.ව. 05.00 දක්වා විවෘතව පවතී.ගොඩවාය පුරාවිද්‍යා ස්ථානයෙන් සොයාගන්නා ලද මැටි මැටි භාණ්ඩ, ඇඹරුම් ගල්, වීදුරු සහ ලෝහ කුට්ටි සහ කාර්නේලියන් පබළු ඇතුළු කැපී පෙනෙන කෞතුක වස්තු රැසක් මෙකී ප්‍රදර්ශනයේ දී අපට දැකගත හැකි ය.
ගොඩවාය ධීවර ගම්මානයේ වෙරළට ඔබ්බෙන් සොයා ගන්නා ලද ගොඩවාය පුරාණ නැව් සුන්බුන් ප්‍රමාණය ආසියා-පැසිෆික් කලාපයේ පැරණිතම ලී නැව් සුන්බුන් වන අතර එය ක්‍රි.පූ. 1 හෝ 2 වන සියවස දක්වා දිව යන බව සැලකේ.
