දුම්රිය රැකියා ‘පිරිමින්ට පමණයි’ ගැසට්ටුව සංශෝධනය සඳහා කැබිනට් මණ්ඩලයට!

ශ්‍රී ලංකා දුම්රිය සේවයට ස්ථානාධිපතිවරුන් බඳවා ගැනීමේදී ඒ සඳහා පිරිමි පුද්ගලයින්ට පමණක් අයැදුම් කළ හැකි බව දන්වමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර ඇති බව නීතිපතිවරයා අද (අගෝස්තු 27) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය.

මෙම තීරණය අභියෝගයට ලක් කරමින් අයේෂානි ජයවර්ධන සහ සුරේෂ් විදූෂා යන කාන්තාවන් දෙදෙනෙකු විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ සහ සම්පත් විජේරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධික විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නයනතාරා බාලපටබැඳි මෙම දැනුම් දීම සිදු කළා ය.

අධිකරණය හමුවේ කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥවරිය සඳහන් කළේ, අදාළ ගැසට් නිවේදය සංශෝධනය කිරීම සඳහා එය අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර ඇති බව ය.

එහි ප්‍රගතිය දැනුම් දීම සඳහා මෙම පෙත්සම වෙනත් දිනයක කැඳවන ලෙස ද නීතිඥවරිය ඉල්ලා සිටියා ය.

ඒ අනුව, පෙත්සම යළිත් ඔක්තෝබර් මස 30 වන දා කැඳවන ලෙස විනිසුරු මඩුල්ල නියම කළහ.

මෙම පුවත සම්පූර්ණයෙන් කියවීම සදහා පහත ලින්කුව ඔස්සේ යන්න……

https://www.bbc.com/sinhala/articles/cg4rg3lvk57o

උපුටා ගැනීම : BBC News Sinhala

END/BBC/MMP/28082025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *