පාසල් සිසුසිසුවියෝ ජනාධිපති ලේකම් කාර්යාලය නරඹති

ත්‍රිකුණාමලය රතනජෝති විද්‍යායතන පිරිවෙන් හිමිවරු, නාකියාදෙණිය ශ්‍රී ගුණානන්ද කනිෂ්ඨ විද්‍යාලයේ සහ නිට්ටඹුව රෝමානු කතෝලික කනිෂ්ඨ විද්‍යාලයේ සිසුසිසුවියෝ ජනාධිපති ලේකම් කාර්යාලය නරඹති.

ත්‍රිකුණාමලය රතනජෝති විද්‍යාතන පිරිවෙන් හිමිවරුන්ට, නාකියාදෙණිය ශ්‍රී ගුණානන්ද කනිෂ්ඨ විද්‍යාලයේ සහ නිට්ටඹුව රෝමානු කතෝලික කනිෂ්ඨ විද්‍යාලයේ සිසු දරුදැරියන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කෙරෙන ‘Vision’ වැඩසටහනට සහභාගි වීමට මේ මස 22 දා අවස්ථාව උදා විය.

ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පාර්ලිමේන්තු ජනසන්නිවේදන අංශය එක්ව පාසල් ළමුන් වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.

ජනාධිපති උපදේශක (නීති) නීතිඥ ජේ. එම්. විජේබණ්ඩාර මහතා විසින් නීතියේ ආධිපත්‍යය මෙන්ම ආකල්ප සංවර්ධනය, පාසල් අධ්‍යාපනය තුළින් ලබාගත හැකි ජයග්‍රහණ සම්බන්ධවද මෙහිදී පාසල් සිසුන් වෙනුවෙන් හරවත් දේශනයක් සිදුකරනු ලැබීය.

මෙම වැඩසටහනට සමගාමීව පරිසර සංරක්ෂණයේ වැදගත්කම සංකේතවත් කරමින් තිළිණයක් ලෙස පාසල් වෙත වටිනා පැළ ප්‍රදානයක්ද සිදු කෙරිණි.

ජනාධිපති කාර්යාලයේ ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ මේජර් නදීක දංගොල්ල මහතා සහ එම විද්‍යාලවල විදුහල්පතිවරු, ගුරු මහත්ම මහත්මීන්, දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

END/PMD/MMP/27082025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *