මූල්‍ය විනය නිසිපරිදි පවත්වාගෙන යන ආණ්ඩුව මුදල් අච්චු ගැසීමක් සිදුකර නැහැ- ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

මූල්‍ය විනය නිසිපරිදි පවත්වාගෙන යන වත්මන් ආණ්ඩුව මුදල් අච්චු ගැසීමක් සිදු කර නැතැයි කම්කරු ඇමැති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අද(19) පාර්ලිමේන්තුවේදී පැවසීය.

සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම, රාජ්‍ය ණය කළමනාකරණ පනත යටතේ නියෝග අනුමත කිරීම සහ විදේශ විනිමය පනත යටතේ නියමයඅනුමත කිරීමට අදාළ විවාදයට අද එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය;

“ආණ්ඩුව කිසිඳු ආකාරයට මුදල් සැපයුම ඉහළ නංවා නැහැ. රටේ ආර්ථිකය ප්‍රසාරණය වනවිට සහ මුදල් ගලායන විට විවිධ කාර්යයන් සිදුවෙනවා. ආණ්ඩුව මුදල් අච්චු ගසා නැහැ. මේක සම්පූර්ණයෙන්ම සමාජය නොමඟ යවන ප්‍රකාශයක්. අපි මේ ස්ථවරත්වය රකින විට විවිධ බාධක පැමිණෙනවා. එක්සත් ජනපදය තීරු බදු අයකිරීමේ කාරණයට රජය මැදිහත් වුණා. නමුත් ඒ් සම්බන්ධයෙන් රජය ක්‍රියාත්මක වෙමින් සියයට 20 දක්වා එය පහළ දමාගන්න හැකියාව ලැබුණා. ඒ්ක අපි ලැබූ ජයග්‍රහණයක් වෙනවා.”

විපක්ෂය මේ වෙනුවෙන් විවිධ ප්‍රචාරයන් ගෙනගියා. අපි සෑම රටක් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ද පවත්වගෙන යනවා. වැරැදි ප්‍රකාශ සමාජගත කරන්න එපා කියා ඉල්ලනවා. ඇමෙරිකානු තීරු බදු සහනය පිළිබඳව අපි අද සතුටු වෙනවා. අපිට පාලනය කරන්න බැහැ. මේක බාහිර කාරණයක් වෙනවා. එක් එක් රටවලට තීරු බදු අයකරනවා. ලංකාවට මෙය ස්ථවරව පවත්වාගෙන යන්න කටයුතු කර තිබෙනවා. ඒවැනි අර්බුදකාරී තත්ත්වයක දී එය සමනය කිරීම වැදගත් වෙනවා. ස්ථාවරත්වය ගොඩනැඟීම අවශ්‍ය වෙනවා. මෙය බිඳ දමන්න විවිධ විචල්‍යයන් බලපානවා. මුදල් අච්චු ගහනවා කියලා සමාජයට වැරැදි මතයක් ප්‍රචාරය කළා. යම් අවිශ්වාසයක් සමජය තුළ ඇතිකරනවිට මේ ආර්ථිකයට බලපෑමක් ඇති කරන්න පුළුවන් වෙනවා. පසුගිය ආණ්ඩු විසින් විවිධ ව්‍යාපෘති සිදුකර මුදල් අච්චු ගැසුවා. මුදල් සැපයුම ඒක් තැනක තිබෙන්නේ නැහැ. අපි අනවශ්‍ය ලෙස මුදල් අච්චු ගසා නැහැ. අපි මූල්‍ය විනය නිසි පරිදි පවත්වාගෙන යනවා. රාජ්‍ය මූල්‍ය විනය නිසිපරිදි පවත්වාගෙන යන්නේ කෙසේ ද කියා අපි ඉදිරියේ දී පෙන්වා දෙනවා” යැයි පැවසීය.

END/GONP/MMP/19082025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *