ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරු දෙකක පුරප්පාඩු – හිරුණි ලක්ෂිකා

ප්‍රියන්ත වීරසූරිය, පොලිස්පති ධූරයට පත්වීමත් සමඟ ඔහු දැරූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයත් නිලන්ත ජයවර්ධන, සේවයෙන් පහකිරීමත් සමඟ ඔහු එතෙක් දැරූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයත් මේ වන විට පුරප්පාඩුව පවතිනවා.
මෙම තනතුරු දෙක සඳහා පත්වීමට නියමිතව සිටින්නේ දැනට ශ්‍රී ලංකා පොලිසියේ සිටින නියෝජ්‍ය පොලිස්පතිවරු 50ක් පමණ වූ පිරිසක් අතරින් ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටි නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනායි.
ඒ අනුව, මෙම පුරප්පාඩු තනතුරු දෙක වෙනුවෙන් පොලිස් මූලස්ථාන පරිපාලන නියෝජ්‍ය පොලිස්පති මෙන්ම උතුරු මැද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධූරයේ වැඩ ආවරණය කරමින් සිටින කලක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙසද සේවයේ නිරතව සිටි බුද්ධික සිරිවර්ධන සහ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස සේවයේ නිරතව සිටින නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත පත්කරනු ඇති.
ඊට අදාල නිර්දේශ ලබන සඳුදා වන විට ජාතික පොලිස් කොමිෂන් සභාවට පොලිස්පතිවරයා විසින් යොමු කෙරනු ඇතැයි පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළා.