පැරණි මත්ස්‍ය වෙළෙඳපොළ අසළ අනතුරක් – හිරුණි ලක්ෂිකා

මාර්ග අංක 155 මට්ටක්කුලිය – සොයිසාපුර මාර්ගයේ, කොළඹ – පැරණි මත්ස්‍ය වෙළදපොළ ආසන්නයේ පිහිටි බස් නැවතුම්පළට බස් රථයක් කඩා වැදීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පොලිසිය සදහන් කළේ අද අලු‍යම මෙම අනතුර සිදුව ඇති බවයි.

බස් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති අතර තුවාල ලබා ඇත්තේ බස් නැවතුම්පළේ රැදී සිටි පුද්ගලයෙකු බවයි පොලිසිය සදහන් කළේ.

අනතුරින් බස් නැවතුම්පළ සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *