පෙරහැර සමාප්ති සන්දේශය ජනපතිට භාර දීම නදීක දයා බණ්ඩාර

සෙංකඩගලපුර එතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යය සාර්ථකව නිමාවට පත් බව සඳහන් සන්දේශය දියවඩන නිලමේ ප්‍රදිප් නිලංග දෑල මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වීම මහනුවර ජනපති මැදුරේදී සිදුවිය.
දහවල් පෙරහැර නිමාවට පත් කිරීමෙන් අනතුරුව දියවඩන නිලමේවරයා ප්‍රධාන සිව් මහ දේවාල හා පිටිසර බද දේවලයන්හි නිලමේවරුන් පෙරහැරකින් ජනපති මැදුර වෙත ප්‍රවේශ විය.
අනතුරුව දියවඩන නිලමේවරයා පෙරහැර සන්දේශය ජනපතිවරයා වෙත පිළිගැන්වීය.
සමූහ ඡායාරූපයෙන් අනතුරුව ජනපති මැදුරු පරිශ්‍රයේ නා පැළයක් රෝපණය කිරීම ජනපතිවරයා අතින් සිදුවිය.
පෙරහැර මංගල්‍යයට දායක වූ කලාකරුවන් 162ක් පෙරහැර මංගල්‍ය නිමාවෙන් අනතුරුව වලියක් මංගල්‍යයට සහභාගීවූ කලාකරුවන් 14 දෙනෙකු සඳහා ඇගයීමේ තිළිණ ප්රදානය කිරීම ජනපති අතින් සිදුවිය.
ආර්ථීක අසීරුකම් හමුවේ කලාවට ප්රවේශවන නවක කලාකරුවන් සඳහා වෙස් ඇදුම් කට්ටල ප්රදානය කිරීමට පෙරහැර භාරය සැලසුම් කර ඇති අතර එය සංකේතවත් කරමින් සිව් මහ දේවාල සඳහා මූල්‍ය ආධාර සහිත ලිපි ප්රදානය කිරීම ද එහිදී සිදුකෙරිණි.
අනතුරුව දියඩවන නිලමේවරයා ප්‍රධන සිව් මහ දේවාල පිටිසර බද දේවාල වෙත තිළිණ ප්රදානය කිරීම ද එහිදි සිදුවිය.
මහනුවර ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා පෙරහැර භාරය විසින් ආසන පැනවීමේදී රජයට අය කරන බදු මුදල් වශයෙන් රුපියල් එක්කෝටි අසු ලක්ෂයක මුදලක් උපයා ඇති අතර එය ඇගයීමට ද එහිදී සිදු විය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවය සඳහා ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්.දිසානායක, මහනුවර පුරපති චන්ද්‍රසිරි විජේනායක, පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමවංශ, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත, මහනුවර කඩවත් සතර සහ ගගවට කෝරළය ප්‍රදේශීය ලේකම් මේනක හේරත් මහතා ඇතුලුව මහජන නියෝජිතයන් නිලධාරීන් සහ කලාකරුවන් රැසක් සහභාගීවූහ.