ලෝක ආදිවාසී දිනය අදයි – හිරුණි ලක්ෂිකා

ලෝක ආදිවාසී දිනය අදට යෙදී තිබෙනවා.

1982 වසරේදී ජිනීවාහි පැවති ආදිවාසී ජනතාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ පළමු රැස්වීමේදී සෑම වසරකම අද දිනය ලෝක ආදිවාසී ජනතාවගේ ජාත්‍යන්තර දිනය ලෙස නම් කෙරුණා.

ලෝකයේ රටවල් 90ක් පුරා ආදිවාසී ජනතාව මිලියන 476ක් ජීවත් වන බවට ඇස්තමේන්තු කර තිබෙනවා.

ඔවුන් ලෝක ජනගහනයෙන් සියයට 6 කටත් වඩා අඩු ප්‍රමාණයක් වන නමුත් අවම වශයෙන් දුප්පත්ම අයගෙන් සියයට 15ක් නියෝජනය කරනවා.

මෙම පිරිස ලෝකයේ ඇස්තමේන්තුගත භාෂා 7,000න් අති බහුතරයක් කතා කරන අතර විවිධ සංස්කෘතීන් 5,000ක් නියෝජනය කරන බවයි ජගත් සංවිධානය පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *