කාලගුණයෙන් රතු නිවේදනයක් !

මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි බැවින් ,  උතුරු-මැද, නැගෙනහිර පළාත් සහ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියාව, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා විමසිලිමත්වන ලෙස  කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.

ඉහත උණුසුම් දර්ශකය (Heat Index) කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගෝලීය ගණිතමය කාලගුණ අනාවැකි ආකෘති දත්ත විශ්ලේෂණ මගින් ලබාගත් වායුගෝලීය ආර්ද්‍රතාවය සහ උපරිම උෂ්ණත්ව අගයයන් යොදා ගනිමින් හෙට (07) දිනය සඳහා ගණනය කර ඇති දර්ශකයක් වන අතර මෙය ශරීරයට දැනෙන තත්යකි.

එමෙන්ම මෙය විය හැකි උපරිම වායුගෝලීය උෂ්ණත්වය නොවන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

END/MMP/06082025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *