ඉහළ පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම්

ජාතික පොලිස් කොමිශන් සභාවේ අනුමැතියට අනුව ඉහළ තලයේ සේවයෙහි නිරත පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.
එම ස්ථාන මාරුවීම් අතර පොලිස් අධිකාරීවරුන් සිව්දෙනෙකු, පොලිස් අධිකාරීවරුන් සිව්දෙනෙකු සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 25 දෙනෙකු සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මෙම ස්ථාන මාරුවීම් , සේවා අවශ්‍යතා මත වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් සිදුකළ අත්‍යවශ්‍ය මාරුම්වීම් ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදයකුමාර වුට්ලර් මහතා සඳහන් කළේය.
END/MMP/05082025