තලවිල පල්ලිය වීඩියෝ කල දෙදෙනෙකු අත්අඩංගුවට ..ප්‍රසාද් පුර්ණමාල්

 

ඩෝරෝන කැමරාවක් යොදා ගනිමින් අවසරයකින් තොරව තලවිල සාන්ත ආනා සිද්ධස්ථානය වීඩියෝ ගත කල බවට සැක පිට පුද්ගලයන් දෙදෙනෙකු පුත්තලම කොධ්ධාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත .

පුත්තලම කොධ්ධාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති චන්ද්‍රසිරි ලාල් මහතාට ලැබුණු තොරතුරක් මත මේ අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ . අත්අඩංගුවට පත් දෙදෙනා කල්පිටියේ පදිංචිකරුවන් ලෙස හදුනා ගෙන ඇත .

තලවිල සාන්ත අනා සිද්ධස්ථානයේ වාර්ෂික මංගලය ප්‍රධාන දිවය පුජාව අද පෙරවරුවේ පැවතී අතර මේ අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ ඊයේ පස්වරුවෙදියි මේ පුද්ගලයන් සතුව තිබු ඩෝරෝන කැමරාව හා මොවුන් පැමිණි බව කියන ජීප් රථයද පොලිස් අත්අඩංගුවට ගෙන තිබිණි .

සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සදහා නොරොච්චෝල පොලිසියට භාර දී ඇති අතර අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනා .

තලවිල සාන්ත අනා සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යයේ ආරක්ෂක කටයුතු සදහා වයබ නියෝජ්‍ය පොලිස් පති නලක ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි විශේෂ
ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබිණි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *