බිඩි කොළ සමග වාහන දෙකක්  මාරවිලදී  අත්අඩංගුවට   – ප්‍රසාද් පුර්ණමාල් (වීඩියෝ ඇත )

මාරවිල ප්‍රධාන පෙලේ හෝටලයක් ආසන්නයේ තිබී බිඩි කොළ පැටවූ  ශීතකරණ වර්ගයේ ලොරි රථයක් හා වැන් රථයක් සමග සැකකරුවෙකු  අත්අඩංගුවට ගැනීමට මාරවිල පොලිසියේ නිලධාරීන් සමත්ව තිබේ .

ඊයේ   02  රාත්‍රී  11.45 ට පමණ මේ වැටලීම සිදු කර ඇති අතර  . වැටලීම සිදු කරන අවස්ථාවේ  මේ ස්ථානයේ බෝට්ටු දෙකක් තිබී  පොලිසිය දැක මුහුදට පලා ගොස් ඇත .

අත්අඩංගුවට පත් ශීතකරණ ලොරි රථය මහවැව තොඩුවාවේ පුද්ගලයෙකුට අයත් එකක් වන අතර වෑන් රථය කල්පිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් රථයකි

අත්අඩංගුවට පත් ලොරියේ තිබී බිඩි කොළ කිලෝ  ග්‍රාම 2197 ක්  හා දිග කඩුවක් සොයා  ගෙන ඇත . හලාවත  ජෞශ්ධ පොලිස් අධිකාරී රොහාන් පෙරේරා  මහතාගේ උපදෙස් පරිදි මාරවිල සහකාර පොලිස් අධිකාරී  එස් .ඩි .ආර් .ප්‍රියන්ත  මහතාගේ මෙහෙයවීම මත  මාරවිල මුලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක  සරත් සමරවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන්  පොලිස් සැරයන්වරුන් වන 21935 බන්දුල , 22158 රාජපක්ෂ ,6656 නිමල් ,පොලිස් කොස්තාපල් 94808 පතිරණ ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් මේ වැටලීම සිදු කර ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *