දැදුරු ඔයේ මේ වසරේ දියේ ගිලීම් 09 ක් ..අනතුරු අවම කරන්න හලාවත පොලිසියෙන් වැඩක් – ප්‍රසාද් පුර්ණමාල්

දැදුරුඔයේ දිය නෑමේදී සිදුවන අනතුරු අවම කර ගැනීම සදහා හලාවත මුලස්ථාන පොලිසිය විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරයි .. ඒ යටතේ උත්සව සමයන් වලදී
පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් යෙදවීම ඊයේ 03 වැනි දින සිට ආරම්භ කැරිණි .
මිට අමතරව සාමාන්‍ය දිනවලදී හලාවත ට පැමිණෙන ජනතාව දැනුවත් කිරීම සදහා දැදුරු ඔය දෙපස දැනුවත් කිරීමේ පුවරු සවි කිරීම ද සිදු කැරිණි
මේ වසරේ පසුගිය මාස කීපය තුල පුද්ගලයන් නව දෙනෙකු මේ ස්ථානයේ දියේ ගිලි මිය ගිය බව හලාවත සහකාර පොලිස් අධිකාරී ධම්මික හපුගොඩ මහතා පැවසිය
ඒ අතර කුඩා දරුවෙකු හා එකම දිනයේ තරුණයන් දෙදෙනෙකුද වෙයි .
ඊයේ 03 තලවිල මංගල්‍ය නිමා වීමෙන් පසු විශාල ජනතාවක් මේ ස්ථානයට පැමිණෙන අතර ඉන් පසු මුන්නේශ්වරම මංගල්‍ය සමයේද විශාල ජනතාවක් මේ ස්ථානයට
පැමිණෙයි . මේ ජනතාවගේ ජිවිත ආරක්ෂා කිරීම සේම වටිනා භාණ්ඩ ආරක්ෂා කිරිම ද මේ දැනුවත් කිරීමේ අරමුණ බව හලාවත සහකාර පොලිස් අධිකාරී
ධම්මික හපුගොඩ මහතා පැවසිය . මේ කාර්යන් සදහා හලාවත ප්‍රබල පෙලේ ව්‍යාපාරික ආයතනයක් වන Saraka Fashion ආයතනය සහය ලබා දී තිබේ .