ඇසළ පෙරහැර මංගල්‍යයේ සිව්වන කුඹල් පෙරහැර අද – නදීක දයා බණ්ඩාර

සෙංකඩගලපුර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ සිව්වන කුඹල් පෙරහැර අද (02) රාත්‍රී විදි සංචාරය කෙරේ.
රාත්‍රී 06.54ට උතුරු දිශාභිමුඛව පිටත්වන දළදා පෙරහැර නාථ, විෂ්ණු, පත්තිනි හා කතරගම යන සිව් මහ දේවාල පෙරහැර සමඟින් වීදි සංචාරයට එක්වේ.
දළදා වීදියෙන් ගමන් ඇරඹී කොටුගොඩැල්ල වීදිය, රජ වීදිය ඔස්සේ ගමන් කොට යළි ගෙවැදීම සිදුවේ.
තෙවන කුඹල් පෙරහැර ඊයේ (01) රාත්‍රී වීදි සංචාරය කළ අතර එහිදී සධාතුක පෙරහැර කරඩුව වැඩම කරවන ලද්දේ රුහුණු කතරගම මහ දේවාලයේ වාසනා ඇතු විසිනි. කෝට්ටේ රාජා සහ පුලතිසි රාජා දෑලේ ගමන් ගත්හ.
ශ්‍රි දළදා මාලිගාව නියෝජනය කරමින් නාථ දේවලායේ බස්නායක නිලමේ හේමන්ත බණ්ඩාර හේරත් මහතා පෙරහැර ගමනට එක්විය.