හිඟ බදු මුදල් නොගෙවූ වැල්ලවායේ වෙළෙඳසැල් 14ක් මුද්‍රා තබයි – හිරුණි ලක්ෂිකා

වැල්ලවාය ප්‍රාදේශීය සභාවට අයත් වැල්ලවාය ප්‍රධාන බස් නැවතුම්පොළ සහ සුපිරි වෙළෙඳ සංකීර්ණයේ ඇති හිඟ මුදල් නොගෙවූ වෙළෙඳසැල් මුද්‍රා තැබීමට වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් කටයුතු කර තිබෙනවා.
මෙහිදී වෙළෙඳසැල් 14ක් මුද්‍රා තැබීමට කටයුතු කර ඇති අතර, ඇතැම් වෙළෙඳසැල්වලින් රුපියල් ලක්ෂ 16කට අධික මුදලක් අය වීමට ඇති බවයි වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් පවසනවා.
වෙළෙඳසැල් මුද්‍රා තබා එම වෙළෙඳසැල් හිමි පුද්ගලයන් හට නීතිමය පියවර ගැනීමට ද නියමිතව තිබෙනවා.