2025 LPL තරගාවලියට දින වෙන්වෙයි – හිරුණි ලක්ෂිකා
2025 ලංකා ප්රිමියර් ලීග් (LPL) විස්සයි20 ක්රිකට් තරගාවලිය එළැඹෙන නොවැම්බර් මස 27 වනදා සිට දෙසැම්බර් 23 වනදා දක්වා පැවැත්වෙන බව ශ්රී ලංකා ක්රිකට් අද (1) නිවේදනය කළේය.
තරගාවලිය පැවැත්වෙන 6 වන අදියර මෙය වේ.
මෙවර තරග කොළඹ, පල්ලෙකැලේ සහ දඹුල්ල ක්රීඩාංගණය වලදී පැවැත්වීමට සැලසුම්කර තිබේ.
එළැඹෙන 2026 විස්සයි20 ලෝක කුසලානයට පෙරහුරුවක් ලෙස මෙම කාල සීමාවේ තරගාවලිය පැවැත්වීමට තීරණය කළ බව ද එම නිවේදනයයේ වැඩිදුරටත් දැක්වේ.
