මහනුවර ඇසළ පෙරහර වෙනුවෙන් විශේෂ දුම්රිය සේවයක් -හිරුණි ලක්ෂිකා

මහනුවර ඇසළ පෙරහර වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, 4 වැනිදා සිට 8 වැනිදා දක්වා ඇසල පෙරහරේ රන්දෝලි පෙරහර වෙනුවෙන් මෙම විශේෂ දුම්රිය ධාවනයට එක්කරනු ඇති.

එහිදී පෙරවරු 8.55 ට කොළඹ කොටුව සිට මහනුවර දක්වාත්, රාත්‍රී 11.30 ට මහනුවර සිට කොළඹ දක්වාත්, රාත්‍රී 11.45 ට මහනුවර සිට පොල්ගහවෙල දක්වාත් විශේෂ දුම්රිය ධාවනයට එක්කිරීමට සැලසුම් කර තිබෙනවා.

මීට අමතරව පස්වරු 3.30 ට මාතලේ සිට මහනුවර දක්වාත්, රාත්‍රී 11.35 ට මහනුවර සිට මාතලේ දක්වාත්, පස්වරු 1.55 ට නාවලපිටියේ සිට මහනුවර දක්වා සහ රාත්‍රී 11.55 ට මහනුවර සිට නාවලපිටිය දක්වා විශේෂ දුම්රිය ධාවනයට එක්කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *