ප්‍රකාශයක් දෙන්න කාර්යාලයට පැමිණි පුද්ගලයෙකු  ග්‍රාම නිලධාරිට පිහියෙන් කපා බරපතල තුවාල කරලා  – ග්‍රාම නිලධාරි රෝහලේ – මොහොමඩ් ආසික්

හාරිස්පත්තුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට  අයත් වරාතැන්න වසමේ ග්‍රාම නිලධාරි එච්.ජී.පී.කේ.දිසානායක මහතාට අද  31 වනදා උදේ වරුවේ සිය කාර්යාලයේදී පුද්ගලයෙකු විසින් තියුණු පිහියකින් කපා  බරපතල තුවාල සිදු කිරීම නිසා ග්‍රාම නිලධාරිවරයා මේ වන විට මහනුවර ජාතික රෝහලට ඇතුලත් කරනු ලැබ තිබේ.

වරාතැන්න හක්කිඳ   ප්‍රදේශයේ පරිසර ආරක්ෂිත කලාපය තුල පස් දැමීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා මෙම පුද්ගලයාට  අද 31 වන දින උදේ වරුවේ සිය කාර්යාලයට පැමිණෙන ලෙස ග්‍රාම නිලධාරිවරයා විසින් ඊයේ 30 වනදා දන්වා තිබූ අතර ඒ අනුව ඔහුඅද   31 වනදා උදේ වරුවේ කාර්යාලයට පැමිණ තිබේ.

ග්‍රාම නිලධාරිවරයා ප්‍රකාශ කරන්නේ ඔහු අත තියුණු පිහියක්ද තිබූ බවත් සිද්ධිය  සම්බන්ධයෙන් විමසීමේදී තමාට පිහියෙන් කැපීම සඳහා   පැන මුහුණට සහ අතට  පිහියෙන් කපා තුවාල සිදු කළ බවත් ඒ අවස්ථාවේ ලේ ගැලූ  බවත් තමාද ඔහු සමඟ පොර බැදූ බවත් ග්‍රාම නිලධාරිවරයා සඳහන් කරයි.

 පිහියෙන් කැපීම නිසා බරපතල තුවාල ලබා ඇති ග්‍රාම නිලධාරි වරයා  මහනුවර ජාතික රෝහලට ඇතුලත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලිසියට පැමිණිලි කර ඇති අතර පොලිසිය වැඩි දුර විමර්ශණ සිදු කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ ග්‍රාම නිලධාරි සංගමයේ ජාතික සංවිධායක සුමිත් කොඩිකාර මහතා සඳහන් කළේ, මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයා වහාම අත් අඩංගුවට ගෙන නිතිය ක්‍රියාත්මක කරන ලෙසත් ග්‍රාම නිලධාරින්ගේ මෙන්ම අනෙකුත් කෙෂ්ත්‍ර නිලධාරින්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් රජයෙන් ඉල්ලා සිටින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *