ෆේස් බුක් සාදයක් සංවිධානය කර තිබූ පුද්ගලයෙකු හෑෂ් මිලි ග්‍රෑම් 95,000 ක් සමඟ අල්ලයි – මොහොමඩ් ආසික්

මුහුණ පොත හරහා සාදයක් සංවිධානය කර තිබූ පුද්ගලයෙකු හෑෂ් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 95,000 ක් ( ග්‍රෑම් 95 ක්) ද සමඟ කටුගස්තොට පොලීසියේ දූෂණ මර්දන අංශය මගින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ.

පොලීසියට ලැබුණු තොරතුරක් මෙම සැකකරු පරීක්ෂා කිරීමේදී ඔහු සතුව තිබූ හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 95 ( මිලි ග්‍රෑම් 95,000 ක් පොලිසිය මගින් සොයා ගෙන තිබේ.

මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ  කටුගස්තොට ගොහාගොඩ ප්‍රදේශයේ  කුලී නිවසක පදිංචිව සිටින 26 හැවිරිදි  පුද්ගලයෙකි.

 මෙම පුද්ගලයා මුහුණු පොත හරහා සාද පවත්වන්නෙකු බවත් ලබන 16 වනදා පේරාදෙණිය ප්‍රදේශයේ හෝටලයක  මුහුණු  පොත හරහා සාදයක් පැවැත්වීමට සැලසුම් කර තිබූ බවත් පොලීසිය හෙළි කර ගෙන තිබේ.

කඩවත ප්‍රදේශයේ සිට ගෙන්වා ගත් මෙම හෑෂ් මත්ද්‍රව්‍ය 16 වනදා පැවැත්වීමට  නියමිත සාදයේදී බෙදා හැරීම සඳහා යොදා ගන්නට සැලසුම් කර  තිබූ බව පොලීසිය සැකකරයි.

අත් අඩංගුවට ගත් සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව සිකුරාදා(අද) දක්වා රැඳවුම් නියෝග ලබා ගෙන වැඩි දුර විමර්ශණ සිදු කරන අතර  ඔහු යළි අද (01) වනදා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

කටුගස්තොට පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.සි.රාජපක්ෂ මහතාගේ උපදෙස් මත දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක විජේසිංහ මහතා සමඟ සැරයන් 68717 ලක්මාල්, 47052 සුබරත්න, කාපොසැ 2056 සමන්ති, පොකො 74189 කුලතුංග, 84536 සංජව, 90438 මහේෂ්  යන මහත්ම මහත්මීන් වැඩිදුර විමර්ශණ සිදු කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *