මහනුවර ඇසළ පෙරහැරට තොරතුරු කළමනාකරණ පද්ධතියක් – කාවින්ද්‍යා හිරුශිනි

මහනුවර ශ්‍රී දළඳා මාලිගය වාර්ශිකව පවත්වනු ලබන ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍ය ඊයේ (30) ආරම්භ කර අගෝස්තු 08 වැනිදා දක්වා වීථි සංචාරය කිරීමට නියමිතයි.
මෙම පෙරහර නැරඹීම සඳහා දෙස් විදෙස් ජනතාව විශාල සංඛ්‍යාවකගේ සහභාගිත්වය අපේක්ෂා කරනු ලබනවා.
එබැවින් ශ්‍රී ලංකා පොලිසිය මේ සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබෙනවා.
ඒ අනුව, දළදා පෙරහර නැරඹීමට පැමිණෙන ජනතාවගේ පහසුව වෙනුවෙන් ”මහනුවර ඇසළ පෙරහැර – 2025″ තොරතුරු කළමණාකරන පද්ධතිය ශ්‍රී ලංකා පොලිසිය විසිනුයි හඳුන්වා දී ඇත්තේ.
මෙය පරිශීලනය කරන මහජනතාවට රථ වාහන නැවත්වීම සඳහා ඇති රථගාල්, පෙරහර ගමන් ගන්නා මාර්ගය, පෙරහර නැරඹිය හැකි ස්ථාන, සනීපාරක්ෂක පහසුකම් සලසා ගත හැකි ස්ථාන සහ පැමිණි පිරිසෙන් මඟහැරෙන්නන් හමුවිය හැකි ස්ථාන සම්බන්ධව සජීවී තොරතුරු ලබා ගැනීමේ හැකියාව ද තිබෙනවා.
රථගාල් කළමණාකරණය කරනු ලබන පොලිස් නිලධාරින් විසින් මෙම පද්ධතිය නිරතුරුව යාවත්කාලීන කරනු ලබන අතර එම තොරතුරු ක්ෂණිකව දැනගැනීම සඳහා ජනතාවට මෙම මෘදුකාංගය භාවිතා කළ හැකියි.
මෙම පද්ධතියට පිවිසීමට :-
wඒ අනුව, www.police.lkයන පොලිස් වෙබ් අඩවියට පිවිස “මහනුවර ඇසළ පෙරහැර” හෝ https://kandyesalaperahera.police.lk යන යෙදවුම් භාවිත කළ හැකියි.