නුවර පෙරහරට ආ සහායක ඇත් ගොව්වෙකුගේ මළ සිරුරක් බෝගම්බර වැවේ පාවෙයි – හිරුණි ලක්ෂිකා

මහනුවර පෙරහරට ඊයේ රාත්‍රියේ එක් වූ හස්ති පාලක සහායකවරයෙකුගේ මළ සිරුරක් අද උදෑසන නුවර වැවේ පාවෙමින් තිබියදී සොයා ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා කතරගම දේවාලයේ පෙරහරට අරණායක ප්‍රදේශයේ සිට රැගෙන ආ අලියෙකුගේ ප්‍රධාන පාලකගේ සහායක වශයෙන් කටයුතු කළ අචලංක නැමැති 28 හැවිරිදි පුද්ගලයෙකුගේ බවයි පොලිසිය පවසන්නේ.

ඔහුගේ මරණය කුමන ආකාරයෙන් සිදු වූයේදැයි යන්න පිළිබඳ මහනුවර මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *