මතුගම – අලුත්ගම පාරේ මාරක අනතුරක් – හිරුණි ලක්ෂිකා

මතුගම – අලුත්ගම මාර්ගයේ තල්ගස්ගොඩ මංසන්ධියේ ඊයේ (29) සිදුවූ මාරක රිය අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
යතුරුපැදියක් මාර්ගය අසල තිබූ විදුලි කණුවක සහ තාප්පයක ගැටීමෙන් අනතුර සිදුව තිබෙන බවයි පොලිසිය පවසන්නේ.
එම අනතුරින් 21 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙලෙස මියගොස් ඇත්තේ අලුත්ගම, පාදාගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙක්.
මිය ගිය තරුණයාගේ උපන්දිනය යෙදී තිබී ඇත්තේ ද ඊයේ දිනයේම බවයි ඥාතීන් පවසන්නේ.