දළදා මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද – හිරුණි ලක්ෂිකා

ශ්‍රී ලාංකීය සංස්කෘතික මහා මංගල්‍ය, මහනුවර ඵෙතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර මංගල්‍යය අද රාත්‍රියේ විදි සංචාරය කිරීමට නියමිතයි.

පස්වරු 6.46 ට යෙදෙන සුබ මොහොතින් උතුරු දිශාභිමුඛව සිව්මහා දේවාලයන්ගෙන් පෙරහර පිටත්ව, සිරිත් පරිදි ශ්‍රී ධන්ත දාතු මන්දිරය ඉදිරිපිටට පැමිණීමෙන් පසුව රාත්‍රි 7.05 ට යෙදෙන සුභ මූර්තියෙන් උතුරු දිශාභිමුඛව පෙරහර පිටත් වෙනවා.

පෙරහැර දළදා වීථීය ඩී. එස්. සේනානායක වීථිය ඔස්සේ පැමිණ පන්සල පාරෙන් ඉහළට ගොස් දේව වීථිය, කොළඹ වීථිය සහ යටිනුවර වීථිය ඔස්සේ රජ වීථියට පැමිණ ඉන් හැරී ඉහළට විත් නැවතත් දළදා මාලිගාවට ගෙවදිනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *