සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ඇතුළු 11ක් හලාවතින් අල්ලයි – ප්රසාද් පුර්නමාල් ( වීඩියෝ ඇත )

හලාවත බංගදෙනිය විරකමන්ද්ලුව ප්රදේශයේ නිවසක් වටලා කල සෝදිසියකදී කොලබ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ඇතුළු 11 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගැනීමට ගලවත පොලිසිය සමත්ව තිබේ .
ඊයේ 29 පස්වරුවේ මේ වැටලීම සිදුකරන අවස්ථාවේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයා නිවසින් පැන ත්රිරෝද රථයකින් හලාවත බස් නැවතුම් පොළ බලා ගමන් කිරීමේදී අත්අඩංගුවට පත්ව ඇත .
මොවුන්ගෙන් ප්රශ්න කිරීමේදී තලවිල දේවස්ථානයට යාම සදහා කොළඹ වනාතේ සිට පැමිණි බව කීප දෙනෙකු පොලිසියට ප්රකාශ කර ඇති අතර තවත් කීප දෙනෙකු ප්රකාශ කර ඇත්තේ හිතවතෙකුගේ නිවසකට පැමිණි බවයි .
මේ අතර කාන්තාවන් තුන්දෙනෙක් හා පිරිමි පුද්ගලයන් 08 දෙනෙකු සිටි .
හලාවත ජෞෂ්ධ පොලිස් අධිකාරී රොහාන් පෙරේරා මහතාගේ නියෝග පරිදි හලාවත සහකාර පොලිස් අධිකාරී ධම්මික හපුගොඩ මහතාගේ උපදෙස් අනුව හලාවත මුලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂක රුක්ෂාන් පෙරේරා මහතාගේ ප්රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් මේ පිලිබදව වැඩිදුර පරික්ෂන පවත්වයි .