මත්පෙති ගබඩාවක් ගෙදරම කරපු පොලිස් කොස්තාපල් අත්අඩංගුවට – හිරුණි ලක්ෂිකා

මත්පෙති ගබඩාවක් නිවසක පවත්වාගෙන ගිය පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි වටිනාකම රුපියල් කෝටි 2කට අධික බවයි පොලිසිය පවසන්නේ.

බොරලැස්ගමුව, බෙල්ලන්විල, ජය මාවත ප්‍රදේශයේ නිවසක් වැටලීමෙනුයි පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොහුවල පොලිසියේ රථවාහන අංශයට අනුයුක්තව සේවය කළ කොස්තාපල්වරයෙක් බවද පොලිසිය පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *