මුහුදු වෙරල පවිත්‍ර කරන්න හමුදාවෙන් කරපු වැඩේ – ප්‍රසාද් පුර්ණමාල්

මුලික පාසල් අධ්‍යාපනයෙන් ම දරුවන්ට පරිසරය පිරිසිදුව පවත්වා ගැනීමට හුරු කල යුතුයි ,ඒ සදහා නව අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ අවශ්‍යය බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා පැවසිය .

ඔහු මේ බව සදහන් කලේ  අද 28 හලාවත වෙරළ පිරිසිදුකිරිමේ වැඩසටහනට එක්‌ වෙමිනි .. මෙහි සමාරම්භක වැඩසටහන මාරවිල තල්විල වෙරල තිරයේදී පැවැත්විණි කිලින් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ශ්‍රී ලංකා යුධ හමුදාවේ සංවිධානයෙන් පැවති මේ පිරිසිදු කිරීමේ වැඩසටහන සදහා ශ්‍රී ලංකා පොලිසිය , පළාත් පාලන ආයතන , ප්‍රාදේශීය ලේකම් කාර්යාල ,ඇතුළු රාජ්‍ය ආයතන පෞද්ගලික ආයතන හා රාජ්‍ය නොවන සංවිධාන රැසක නියෝජිතයන් එක් වුහ .

මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හිරුනි විජේසිංහ , අජිත් ගිහාන් , පුත්තලම දිස්ත්‍රික් ලේකම් සුනන්ද හේරත් , විජයභා පාබල රෙජිමේන්තුවේ 57 වැනි සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජනරාල් සමරදිවාකර වයබ නියෝජ්‍ය පොලිස් පති නාලක ද සිල්වා . ඇතුළු නිලධාරීන් පිරිසක්ද එක්වුහ .

වෙරළ හා අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම හා අධ්‍යාපනය ප්‍රතිසංස්කරණ වල වැදගත්කම පිළිබද මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා මෙසේද පැවසිය .

ශ්‍රී ලංකා මුහුදු තීරය ආසන්න ගොඩබිම් කලාප වලින් මෙන්ම නාවික ගමන් මගින් එක්වන අපද්‍රවය එක්රැස්වන ස්ථානයක් බවට අද ශ්‍රී ලංකාව පත්වී තිබෙනවා . මේ පුත්තලම දිස්ත්‍රික්කයට එය තදින්ම බලපා තිබෙනවා .

කලාපීය එකගතාවන් අනුව කටයුතු කරමින් එම ගැටලුව සදහා විසදුම් සේවිමට කටයුතු කල යුතුයි . ගොඩබිම් වලින් වෙරළට එක්රැස්වන කැලිකසල කළමනාකරනය කර ගැනිමට විවිධ රාජ්‍ය හා පෞද්ගලික ආයතන වල දායකත්වයෙන් කටයුතු කරනවා . මේ වැඩසටහනත් ඉන් එකක් . වර්තමානය වන විට සිදුවී ඇති ආර්ථික, සමාජීය , සංස්කෘතික , පාරිසරික බිදවැටීම් වලට හේතුව වී ඇත්තේ නිවැරදි අධ්‍යාපනික ප්‍රතිසංස්කරණයක් නොමැති විම යි පරිසර ආරක්ෂා කිරීමෙ මූලික අඩිතාලම ක්‍රියාත්මක කල යුත්තේ පාසැල් වලින් . නව රජයේ අධ්‍යාපනය ප්‍රතිසංස්කරණ තුලින් ඒ සදහා කුඩා කල සිටම දරුවන්
හුරු කරවන්න වැඩපිළිවෙලක් තිබෙනවා .

අධ්‍යාපනය ප්‍රතිසංස්කරණ පිළිබදව වැඩිදුරටත් කරුණු දැක්වූ අමත්‍යවරයා සිංහල හා ඉතිහාසය විෂයන් ඉවත් කිරිම පිලිබද පැතිරෙන පුවත් සම්පූර්ණන්ම අසත්‍ය බවත් විශ්වවිදයාලයක ඉතිහාසය පිළිබද ජේෂ්ඨ මහචාරය වරයෙකු ලෙස ඉතිහාසය විෂයෙහි වටිනාකම පිළිබදව ඉතා හොදින් තමා දන්නා බවත් පැවසිය .

මේ උදාර කාර්ය සදහා මුලිකත්වය ගත් ශ්‍රී ලංකා යුධ හමුදාවට ස්තුති වන්ත වන බවද රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා  වැඩිදුරටත් පැවසිය .

සාගර විජේසේකර -නාත්තන්ඩිය ප්‍රාදේශීය  සභාවේ සභාපති ..මේ කාර්ය අපිටත් පැවරිලා තිබෙනවා . අද මේ කාර්යයට මුලිකත්වය ගත් ශ්‍රී ලංකා යුධ හමුදාවට  නාත්තන්ඩිය පර්දේශීය සභාවේ විශේෂ ස්තුතිය පුද කරන්න මෙය අවස්ථාවක් කර ගන්නවා .

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *