ත්රීරෝද රථයක් ඩෙවෝන් ඇළට පෙරලෙයි- හිරුණි ලක්ෂිකා

ත්රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඩෙවෝන් ඇළට පෙරලීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
මෙම අනතුරින් ත්රීරෝද රථයේ රියදුරා තුවාල ලබා ඇති බවයි පොලිසිය පවසන්නේ.
දිඹුලපතන ප්රදේශයේ සිට හැටන් දක්වා ධාවනය වූ ත්රීරෝද රථයක් කොටගල කොමර්ෂල් ප්රදේශයේදී මෙසේ අනතුරට ලක්ව ඇති බවද පොලිසිය පැවසුවා.
අධික වේගයෙන් ධාවනය වී ඇති ත්රීරෝද රථයේ ඉදිරිපස රෝදයේ ඇති වූ දෝෂයක් මත මෙම අනතුර සිදුව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
අනතුරින් ත්රීරෝද රථයට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.