පාටියක් දමා ගින්නක් නිවන්න ගිය හලවත ගිනි නිවීමේ ඒකකය දුන් ගින්න – හිරුණි ලක්ෂිකා

හලාවත නගර සභාවේ ගිනි නිවීමේ රථයක් යටකිරීමෙන් පාපැදි කරුවෙකු මියගොස් ඇත . 26 රාත්‍රී 07.20 ට පමණ ,මේ අනතුර සිදුව තිබේ . මෙලෙස මියගොස් ඇත්තේ හලාවත මල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ගයාන් මධුසංක නමැති එක් දරු පියෙකි .මොහු සිය පුත්‍රයාට ෆාමසියකින් බෙහෙතක් ගෙන රාත්‍රී කැම රැගෙන එම සදහා කන්ජුක්කුලිය ප්‍රදේශයේ හෝටලයකට ගිය අවස්ථාවේ මේ අනතුර සිදුව ඇත .
හලාවත නගර සභාවේ ගිනි නිවීමේ රථය බින්ගිරිය ප්‍රදේශයේ ගින්නක් නිවීම සදහා ගොස් ඇති බව කියන අතර ඒ අවස්ථාවේදී එහි ගමන් කල රියදුරු ඇතුළු සිව් දෙනාම කෙලින් සිටගැනීමට නොහැකි මට්ටමට මත්පැන් පානය කර සිටි බව ප්‍රදේශවාසීන් පැවසිය .
හලාවත පොලිසියේ රථ වාහන අංශය සිදුකල මුලික පරීක්ෂණ වලදී අත්අඩංගුවට පත් රියදුරු මත්ද්‍රවය පාවිච්චි කර සිටි බවට තහවුරු වී තිබේ .
හලාවත නගර සභාවේ ප්‍රධාන ගිනි නිවීමේ රථය හා රියදුරු හලාවත පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත .
මේ සම්බන්ධයෙන් හලාවත නගර සභාවේ සභාපති සුමේධ පෙරේරාගෙන් කල විමසීමේදී කියා සිටියේ මේ පිලිබදව විධිමත් පරීක්ෂණයක් පවත්වා විනය ක්‍රියා මාර්ග ගන්නා බවයි
හලාවත පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ සිදු කරයි .